ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විධායක ජනාධිපතිවරයාගේ භාවිතය සඳහාම වෙන් කර තිබූ විශේෂ වාට්ටුව අද (24) සිට මහජනතාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවෘත කර තිබෙනවා.
මෙම තීරණය අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා රෝහල් පරිපාලනය එක්ව ගත් පියවරක් බව සඳහන් වනවා.
1984 දී ජපාන රජයේ දායකත්වයෙන් ඉදිකරන ලද මෙම රෝහල, මුලින් ඇඳන් 1,000 ක ධාරිතාවයකින් ආරම්භ වූ අතර, “කාමර අංක 1001” ලෙස හැඳින්වූ විශේෂ ඒකකයක් විධායක ජනාධිපතිවරයාගේ පෞද්ගලික භාවිතය සඳහා පමණක් වෙන් කර තිබුණා.
කෙසේ වෙතත්, වසර 40කට අධික කාලයක් තුළ එය භාවිතා වී ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයක පමණි. එසේ තිබියදීත්, එය සදා නඩත්තු කරමින් මහජන භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
අද සිට මෙම විශේෂ ඒකකය, රෝහලේ සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට නියමිතයි.











