දේශීය

ද්විත්ව පුරවැසියන්ටත් තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබාදීමට පියවර

විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදේශවලදී ඔවුන් භාවිත කළ රියදුරු බලපත්‍රය පාදක කර ගනිමින් එම තාවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.

කටුනායක ගුවන්තොටුපළේ පිහිටුවා ඇති කවුළුව මගින් මේ වන විටත් මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා ඔවුන් එරට භාවිත කරන රියැදුරු බලපත්‍රය පදනම් කර ගනිමින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය අගොස්තු 03 වැනිදා සිට එම කටයුතු ආරම්භ කෙරුණා.

Shares: