දේශීය

සංචාරකයින්ගේ පැමිණීම 2,250,000 ඉක්මවයි

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,250,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් දිවයිනට පැමිණ ඇති බවයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 510,133ක්.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 204,703 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 141,941 දෙනෙකු සහ චීන ජාතිකයින් 129,403කු ඒ අතර වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.

ඊට අමතරව ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

එසේම සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 154,609ක් බවයි.

Shares: