නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා ක්රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ (25) දිනය පුරා ක්රියාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 29,539 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බවයි.
මෙම මෙහෙයුමේදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර අපරාධ ක්රියාවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 15ද අයත්.
මීට අමතරව, අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 179 දෙනෙකු සහ විවෘත වරෙන්තු පවතින පුද්ගලයන් 88 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පමණක් නඩු 4,414ක් වාර්තා වී ඇති අතර, නොසැලකිලිමත් ලෙස ලෙස රිය පැදවූ පුද්ගලයන් 36 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්රකාශ කළේ.











