මිනුවන්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25ක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (27) දිනයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදීයි මෙම ගිනිඅවිය සහ පතරොම් හමුව ඇත්තේ.
මේ සමග සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අවුරුදු 43ක් වූ හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.











