‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ වී සහ අනෙකුත් වගාවන් සඳහා සහනාධාර සහ වන්දි ගෙවීම් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට වී ගොවීන් 66,965කට සහ අනෙකුත් බෝග වගාවන් සම්බන්ධ ගොවීන් 16,869කට මේ වන විටත් සහනාධාර සහ වන්දි මුදල් ගෙවා ඇති බවයි එහි සඳහන්ව ඇත්තේ.
එහිදී වී වගාවන් සඳහා ගොවීන් 66,965කට අයත් භූමි ප්රමාණය හෙක්ටයාර් 33,215කට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 4,982ක්.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වී වගාවන් සඳහා මේ වන විට හෙක්ටයාර් 50,000කට ආසන්න බිම් ප්රමාණයක් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් වී ඇති බවත්, අනුමැතිය ලබා දිය හැකි සියලු ඉල්ලුම්පත් සඳහා දෙසැම්බර් 30 වැනි දිනට පෙර ගෙවීම් සිදුකරන බවයි.
මේ අතර අතිරේක ආහාර බෝග, එළවළු සහ පළතුරු සඳහා වන වගා හානි වන්දි සඳහා මේ වන විට ගොවීන් 16,869කට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 670ක්.
ඒ අනුව භූමි ප්රමාණය හෙක්ටයාර 3,708ක් සඳහා මෙම වන්දි මුදල් මේ වන විට ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.









