සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බවයි.
මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකුයි එක්වූයේ.










