අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළ හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට යොමු කර තිබෙනවා.
දේවානන්දා මහතාට මහර බන්ධනාගාරය තුළ දැඩි ආරක්ෂාව සපයා ඇති අතර අමුත්තන් හමුවීමද සීමා කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
පෙරේදා (28) පස්වරුවේ මහර බන්ධනාගාර වෙත රැගෙන ආ ඩග්ලස් දේවානන්දා මහතා පළමුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර ඇත්තේ බන්ධනාගාර වෛද්‍යවරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසුවයි.
රජය නීත්‍යනුකූලව ඔහුට ලබාදුන් ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුව ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියම කෙරුණේ.










