දේශීය

රෝහල්වල ඇති ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක්

රෝහල් හා ඔසුසැල්වලට නිකුත් කිරීමෙන් අනතුරුව ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සතුව ඇති පරීක්ෂණාගාර යොදා ගැනීමට කටයුතු කරන බවයි.

ඖෂධවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Shares: