දේශීය

කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

කේරල ගංජා තොගයක් සමඟ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී ඔහු සතුව තිබී පොලිස් භාරයට ගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 4 ග්‍රෑම් 880ක්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව සඳහන්.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි.

Shares: