රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් අද (30) සියලුම කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබෙනවා.
විශ්ව විද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කළ බවයි රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පවසා සිටියේ.
එමෙන්ම ඔහු කියා සිටියේ එම පනත සම්මත වීමෙන් පසු ක්‍රියාවට නැංවීම සිදුකළද, ඊට පෙර ක්‍රියාවට නැංවීම විශ්ව විද්‍යාලයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් වන බවයි.
මෙම වර්ජනය සඳහා සියලුම විශ්ව විද්‍යාල සහයෝගය දක්වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.










