උණුසුම් පුවත්

ශ්‍රී ලාංකේය සිනමාවට සියවසයි – හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම මෙම 2025 වසරට යෙදී තිබෙනවා.

එසේම 1925 වසරේ දී ඇරඹි ශ්‍රී ලාංකේය සිනමාව තුළ 75 වසරක (1947 – 2022) කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත්කිරීම සිදු වුණේ ඊයේ (29) දිනයේදීයි.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සිනමා අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ඊයේ පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීයි මේ පිළිබඳව ප්‍රකාශයට පත් කරනු ලැබූවේ.

මීට සමගාමීව “සිනමා විමර්ශි – ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය“ ජනගත කිරීම ද සිදුකෙරුණා.

මෙම චිත්‍රපට 25 තෝරාගැනීම සිදුකරන ලද සමීක්ෂණය සිදුකර තිබුණේ 150 දෙනෙකුගෙන් සමන්විත වෘත්තීයවේදීන් පිරිසකගෙන් යුතු නියැදියක් ඇසුරින්.

එහිදී රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතා විසින් මෙම චිත්‍රපට ලේඛනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙහිදී තෝරාගත් කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 පහතින්,

  1. නිධානය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
  2. බඹරු ඇවිත් – ධර්මසේන පතිරාජ
  3. ගම්පෙරළිය – ලෙස්ටර් ජේම්ස් පීරිස්
  4. වැලිකතර – ඩී.බී. නිහාල්සිංහ
  5. හංසවිලක් – ධර්මසිරි බණ්ඩාරනායක
  6. දඩයම – වසන්ත ඔබේසේකර
  7. පාර දිගේ – ධර්මසේන පතිරාජ
  8. පරසතුමල් – ගාමිණී ෆොන්සේකා
  9. තුංමංහංදිය – මහගම සේකර
  10. පුරහඳ කළුවර – ප්‍රසන්න විතානගේ
  11. විරාගය – තිස්ස අබේසේකර
  12. මේ මගේ සඳයි – අසෝක හඳගම
  13. අහස් ගව්ව – ධර්මසේන පතිරාජ
  14. පවුරු වළලු – ප්‍රසන්න විතානගේ
  15. සත්සමුදුර – සිරි ගුණසිංහ
  16. ඉර මැදියම – ප්‍රසන්න විතානගේ
  17. සුළඟ එනු පිණිස – විමුක්ති ජයසුන්දර
  18. දෙලොවක් අතර – ලෙස්ටර් ජේම්ස් පීරිස්
  19. රේඛාව – ලෙස්ටර් ජේම්ස් පීරිස්
  20. සොල්දාදු උන්නැහේ – ධර්මසේන පතිරාජ
  21. අහසින් වැටෙයි – විමුක්ති ජයසුන්දර
  22. තුන්වෙනි යාමය – ධර්මසිරි බණ්ඩාරනායක
  23. ගොළු හදවත – ලෙස්ටර් ජේම්ස් පිරීස්
  24. හාරලක්ෂය – ටයිටස් තොටවත්ත
  25. මිල්ලේ සොයා – බූඩී කිර්තිසේන
Shares: