විදෙස්

අමෙරිකාවේ වෙඩි තැබීමක් – කතකට දිවි අහිමි වෙයි..

අමෙරිකාවේ Minneapolis ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෙඩි තැබීම අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් සිදුකර ඇති බවටයි.

අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේ දී ඇය විසින් ආගමන නිලධාරියෙකු යටකර දැමීමට උත්සාහ කරමින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුවේ ලේකම් Kristi Noem ප්‍රකාශ කර ඇත්තේ නිලධාරියා “තමාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරක්ෂිතව වෙඩි තැබූ” බවයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි Renee Nicole Good නමැති කාන්තාවක්.

මෙම වෙඩි තැබීම සිදුවන්නේ මිනියාපොලිස් හි ප්‍රධාන ආගමන බලාත්මක කිරීමේ මෙහෙයුමක් අතරතුරයි.

එම මෙහෙයුමට මිනියාපොලිස් සහ අසල පිහිටි ශාන්ත පෝල් අතර නියෝජිතයින් 2,000 කට වැඩි පිරිසක් යොදවා සිටි බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.

Shares: