අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.
වයස අවුරුදු 20 – 30ත් අතර තරුණයින් මෙම අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා සැත්කම් අංශයේ වෛද්‍ය ගනිඳු මාධව මහතා සඳහන් කළේ.
ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුර අදහස් දැක්වු වෛද්‍ය ගනිඳු මාධව මහතා කියා සිටියේ,
“පසුගිය මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපි දැක්කා තරුණ 20 – 30 වයස් පරතරයේ ඉන්න පිරිමි පුද්ගලයින් තමන්ගේ හුරුඅතේ ඇගිලි තුඩුවලට අධික ලෙස හානි වෙලා. එහෙම නැත්තන් ඇගිලිවලට තුවාල වෙලා. නිතර නිතර අපිට හදිසි අනතුරු අංශයට එනවා. මේක තවදුරටත් සොයා බැලීමේදී අපිට දක්නට ලැබුණා. මේක තුවාලය සිදුවන රටාවක් තිබුණා. සියලුම දෙනාගේ ඉන්ජරිඑක වෙලා තිබුණේ තමන්ගේ අලුතින් ගනිපු බයික්වල මෝර්ටර් චේන්ස් පිරිසිදු කරන්න උත්සහා කිරීමේදී තමයි මේ ඉන්ජරිඑක වෙලා තියෙන්නේ. මෙහිදී වෙන්නේ බයික්වල මෝර්ටර් චේන්ස් ඒ company එකෙන් එයාලට උපදෙස් දෙනවා පිරිසිදු කරන්න කියලා. පිරිසිදු කිරීමේදි අනාරක්ෂිත විදියට තමන්ගේ හිසි අතින් මෝර්ටර් චේන්එක පිරිසිදු කරන්න ගන්නවා එන්ජින් එක ඕන් කරලා. ඇක්සලේරට් කරන ගමන් පළමු ජියර් එක දාලා. එතකොට වෙන්නේ කපුරෙදි කෑල්ලකින් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ පිරිසිදු කරන්න. කපු රෙදි කෑල්ල චේන්එකේ පැටලෙනවා. ඒත් එක්කම අතත් ඒත් එක්කම ගිහිල්ලා තුවාල වීමකට ලක් වෙනවා. මේකෙ සෑහෙන්න බරතල කාරණය තමයි තමන්ගේ හුරු අතේ පළමු දෙවැනි සහ තෙවැනි ඇගිලි තමා මේකෙන් ගොඩක්ම මේ විදියට තුවාල වෙන්නේ”
යනුවෙනුයි.










