අද (10) සිදු වූ තලාව බස් අනතුරින් මෙවර අපොස උසස් පෙළට පෙනි සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වුණා.
බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්.










