දේශීය

ලංකාවේ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් – සෞඛ්‍ය අංශ

ශ්‍රී ලංකාව තුළ වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එහිදී ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තිය ද හදුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා පැවසුවේ.

මේ අතර කායික රෝග විශේෂඥවරයා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බවයි.

එමෙන්ම වසරේ ගතවූ දින 09 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2170 ක්.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41 ක ඩෙංගු අවධානම් තත්ත්වයක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

Shares: