2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
2026 ජනවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, 2026 ජනවාරි 21 දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
2026 වර්ෂයේ දී 1 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදි ම 2026 ජනවාරි 29 දින ආරම්භ කරන බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.











