අධික වැසි හේතුවෙන් රටපුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 ක් රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනෙකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම පෞද්ගලික බස් රථයේ රියදුරා ජනවාරි මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නොච්චියාගම මහෙස්ත්‍රාත් පී. ආර්. අයි. ජමීල් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබුණා.
සැකකාර රියදුරාට එරෙහිව පොලීසිය එල්ල කර ඇති මිනි මැරුම් චෝදනා සහ මිනි මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරුගේ නීතීඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, එම චෝදනා යටතේම නඩුව පවත්වා ගෙන යෑමට ද තීන්දු කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගර ගතකර ඇත්තේ සාලියවැව ඉහළ පුලියන්කුලම බලගොල්ලාගම ලියද්දේ ගෙදර ධනුෂ්ක කුමාරසිංහ නැමති බස් රථ රියදුරෙක්.











