රට නව යුගයක් වෙත ගමන් කරමින් පවතින මේ මොහොතේ රජයක් ලෙස ප්‍රතිපත්තිමය සහ ආකල්පමය ප්‍රතිසංස්කරණ මගින් රට යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
එය අභියෝගාත්මක වුවද අත්‍යාවශ්‍ය කාර්යයක් වන බව අරලියගහ මන්දිරයේදී පැවති ජාතික තෛපොංගල් සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
තෛපොංගල් දිනයේදී සමගිය අන්‍යෝන්‍ය ගෞරවය සහ සෑම ප්‍රජාවකගේම සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සදහා සියලුදෙනාට ඇරයුම් කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
තෛපොංගල් සැමරුමේ මූලික හරය වන උත්සාහය, ඉවසීම සහ පරිසරයට ගරුකිරීම වැනි ගුණාංග පෙරදැරි කරගත් රටක් ලෙස ඉදිරියට යාමේ වැදගත්කමද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී අවධාරණය කර ඇති බව සදහන් වනවා.












