X සමාජ මාධ්‍යයෙහි Grok නමැති කෘතිම බුද්ධිය (AI) තවදුරටත් ඡායාරූප අසභ්‍ය ලෙස සංස්කරණය කිරීම සිදු නොකරන බවට එම සමාගම දැනුම්දී තිබෙනවා.
සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක් උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර තිබෙනවා.
එක්ස් සමාගම සඳහන් කරන්නේ, ඕනෑම ආකාරයක ළමා ලිංගික සූරාකෑම, එකඟතාවයකින් තොර නිරුවත සහ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන් ශූන්‍ය කිරීම තම අරමුණ බවයි.











