ලෝකයේ උණුසුම්ම කාන්තාරයක් ලෙස සැලකෙන සහරා කාන්තාරයේ කොටසක් මත දුර්ලභ ලෙස හිම පතනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ නිරිතදිග Algeria හි පිහිටි Aïn Séfra නගරයට ආසන්න ප්‍රදේශයකිනි.
උෂ්ණත්වය හිමාංකයට වඩා පහළට වැටීමත් සමඟ, සාමාන්‍යයෙන් තැඹිලි පැහැයෙන් දිස්වන වැලි කඳු සුදු හිම තට්ටුවකින් වැසී යන දර්ශනයක් එහිදී දැකගත හැකි වී තිබෙනවා.
Atlas Mountains පාමුල පිහිටි මෙම ප්‍රදේශයේ මෙවැනි හිම පතනයන් ඉතා දුර්ලභ වන අතර, 1979 වසරෙන් පසුව දීර්ඝ කාලයක් මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවද සඳහන් වනවා.
කෙසේ වෙතත්, මෙම හිම පතනය කෙටි කාලයක් පමණක් පැවති අතර, වැටීමෙන් ටික වේලාවකට පසු එය දියවී ගොස් තිබෙන බව වාර්තා වනවා.










