ඩුබායි රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගල ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධව සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් බව කියන දෙදෙනා අද (16) අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔවුන් සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවද අද දිවයිනට රැගෙන විත් ඇති බවයි.
අදාළ කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් ඇය රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි කාන්තාවක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධව මේ වන වටි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











