හලාවත බණ්ඩාරවත්ත වංගුව ප්රදේශයේදී සිදු වූ අනතුරට මුහුණ පා ඇත්තේ ජාතික ජන බලවේගයේ (NPP) පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් මහතා විසින් පැදවූ වාහනයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරට ලක්වීමෙනුයි.
මෙම සිදුවීම ඊයේ (29) රාත්රී 11:45 ට පමණ සිදුව ඇති අතර,
එම අවස්ථාවේ මන්ත්රීවරයා පමණක් වාහනය තුළ සිටි බවද අනාවරණය වී තිබෙනවා.
අනතුර හේතුවෙන් වාහනයට මෙන්ම තාප්පයටද සැලකිය යුතු හානික් සිදුවී ඇති අතර,සිද්ධිය පිළිබඳව හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.










