අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
දේහය අද උදෑසන 10.00ට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමට නියමිතයි.
කලක් රෝගාතුරව සිටි රාජු බණ්ඩාර මහතා ඊයේ පස්වරුවේ සිය නිවසේදීයි අභාවප්රාප්ත වූයේ.
මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.
අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ, අවන්හලේ, මා ආදරෙයි මුළු ලොවටත් වඩා, රන් සීනු නාද දෙයි, ළදුනේ, හද ගී පොතේ පිටුවක් ලියා, කවුදෝ මගේ ලොවේ, රෝස මල් කුමාරි යනාදී ගීත රාජු බණ්ඩාර මහතා ගැයූ වඩා ජනප්රිය ගීත අතරට ඇතුළත්.











