ඉන්දියාවේ වයඹදිග ලඩාක් සහ කාෂ්මීර් ප්‍රදේශයට ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් වු මෙම භූකම්පනය රික්ටර් මාපක 5.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව ද එම වාර්තාවල සඳහන්.
එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.
කෙසේවෙතත් ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.










