යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19) පැවැත්වෙනවා.
තරගය අද පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසරහට හිමිව ඇති අතර අයර්ලන්ත පිළ මෙහෙයවනු ලබන්නේ, ඔලිවර් රිලේ විසින්.
ඒ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට සමත් වුණා.
එහිදී තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 387ක්.
ඊට පිළිතුරු ලෙස ජපාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණයි.










