උණුසුම් පුවත්

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කෙරේ

කොළඹ බාල දක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාලම අද ජනතා අයිතියට පත් කළා.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වූ වාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කර ඇති අවසන් ගුවන් පාලම මෙයයි.

මීටර් 320 කින් දිගින් යුත් මෙම ගුවන් පාලමේ පලල මීටර් 11 ක්.

එක් දිශාවකට පමණක් ගමන් කරන මෙම ගුවන් පාලම මං තීරු දෙකකින් යුක්ත වන අතර එම ගුවන් පාලම ඉදි කෙරුණේ, කොම්පඤ්ඤවීදිය දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් ඇතිවන අධික රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින්.

2021 වසරේ ජුනි 21 වැනිදා ආරම්භවූ පාලමේ ඉදිකිරීම් 2022 වසරේ ජුනි 20 වැනිදා අවසන් කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත්, පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි කොන්ත්‍රාත් කාලය 2025 වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කළා.

Shares: