තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
’06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව’ ලෙස සංවිධානය වු මව්පියන් පිරිසකුයි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.
එම නිහඩ විරෝධතාව ආරම්භ වූයේ අද (19) පෙරවරුවේ සිටයි.
මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබෙනවා.
පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසකයි එම විරෝධතා පැවැත්වෙන්නේ.
කෙසේවෙතත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බවයි.
එමෙන්ම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇතිවු ගැටලු නිවැරදි කර ගනිමින් නව සංශෝධන හරහා ඉදිරියට ගෙන යා යුතු බවයි මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ.
මේ අතර ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය සංවිධාන කළ පන්දම් විරෝධතාවක් රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
එසේම එහි නොසන්සුන් තත්ත්වයක්ද ඇති වූයේ එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාකරුවන්ට බාධා කිරීමත් සමඟයි.











