අද (10) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා.
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙනුයි මෙම සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ.
නව කැබිනට් සංශෝධන යටතේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු පත් කර තිබෙන අතර අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී ඔවුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.











