උණුසුම් පුවත්

ප්ලාස්ටික් නිෂ්පාදකයින්ට එරෙහි දඩය තවත් ඉහළ දමයි

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.

සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් සම්බන්ධයෙන් පනවන දඩ මුදල රුපියල් දස දහසක් බවයි.

Shares: