අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන 22 සහ 23 යන දෙදින තුළ විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය සූදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ඒ සඳහා විපක්ෂය සූදානම් නොමැති නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදයක් එළැඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවයි.
කෙසේවෙතත් විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ විවාදය පිළිබඳ තීරණය ගත යුත්තේ ආණ්ඩු පක්ෂය නොව විපක්ෂය වන බවත්, ආණ්ඩුව පවසන පරිදි විවාදයට ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.










