හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2027 වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට ද දෙපාර්ශ්වයම එකඟව වූ බවයි.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම මෙම රැස්වීමේ අරමුණ වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවති සුහදත්වය සහ දශක හතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගුකාලීන මිත්‍රත්වය සහ කාලානුරූපී සහයෝගීතාවය අමාත්‍යවරුන් දෙදෙනාම නැවත තහවුරු කළ බව සඳහන් ව











