2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ (Tripadvisor) විසින් ප්‍රකාශයට පත්කරන ලද 2026 වසරේ ලොව හොඳම මධුසමය ගමනාන්ත (Travelers’ Choice Best of the Best Honeymoon Destinations) ලැයිස්තුව ඇතුළත් නවතම වාර්තාවට අනුව මෙම ස්ථාන හිමිව ඇති බව සඳහන්.
ඒ අනුව එම ලැයිස්තුවේ හොඳම ස්ථාන අතර පස්වන තැන ගාල්ල නගරයටයි හිමිව ඇත්තේ.
එමෙන්ම එහි 13වන ස්ථානය ඇල්ල නගරයට හිමිව ඇති අතර 22 වන ස්ථානය හිමිව ඇත්තේ තංගල්ල නගරයටයි.
මෙම වාර්තාවට අනුව ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථානය ලෙස ඉන්දුනීසියාවේ බාලි සැලකෙන අතර දෙවන ස්ථානය මුරුසිය වෙතත්, තෙවන ස්ථානය මාලදිවයින වෙතත් හිමිව තිබෙනවා.
පසුගිය වසරේ ලොව පුරා සිටින සංචාරකයින් ලබාදුන් තොරතුරු සහ සත්‍ය අත්දැකීම් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
සංචාරකයින් පවසන පරිදි ගාල්ල නගරය මධුසමය සඳහා තෝරා ගැනීමට ප්‍රධාන හේතු තුනක් බලපා තිබෙනවා.
ඒ අනුව, 6 වන සියවසේ පෘතුගීසින් විසින් ඉදිකළ ගාලු කොටුව සහ ලන්දේසි පන්නයේ ගෘහ නිර්මාණ ශිල්පය, නවාතැන් ගැනීමට සුදුසු අලංකාර වෙරළ සහ නිස්කලංක පරිසරය මෙන්ම, අවට පරිසරයේ ඇති වනජීවී ආකර්ෂණය සහ සොබාදහමේ සිරිය එම ප්‍රධාන කරුණු තුනයි.
Tripadvisor වර්ගීකරණයට අනුව 2026 ලොව හොඳම මධුසමය ගමනාන්ත 25,
- බාලි (ඉන්දුනීසියාව)
- මුරුසිය (Mauritius)
- මාලදිවයින
- ශාන්ත ලුසියා (St. Lucia)
- ගාල්ල (ශ්‍රී ලංකාව)
- හියු (වියට්නාමය)
- නාපා නිම්නය (ඇමරිකා එක්සත් ජනපදය)
- පොසිටානෝ (ඉතාලිය)
- වටාමු (කෙන්යාව)
- ඇන්ටිගුවා (Antigua)
- 11.සැන්සිබාර් දූපත (ටැන්සානියාව )
- මයිකොනොස් (ග්‍රීසිය )
- ඇල්ල (ශ්‍රී ලංකාව)
- වැනීසිය ( ඉතාලිය)
- ඩුබ්‍රොව්නික් (ක්‍රොඒෂියාව)
- සැන්ටොරිනි (ග්‍රීසිය )
- මුවේරා (ප්‍රංශය – පොලිනීසියාව)
- බාබඩෝස්
- ශාන්ත මාර්ටන්
- ප්‍රාග් (චෙක් ජනරජය)
- අඕ නන්ග් (තායිලන්තය )
- තංගල්ල (ශ්‍රී ලංකාව )
- ලැන්සරෝට් (ස්පාඤ්ඤය)
- ක්වීන්ස්ටවුන් (නවසීලන්තය )
- පාරෝස් (ග්‍රීසිය)
මීට අමතරව, 2026 වසර සඳහා වන ලොව හොඳම ආහාර ගමනාන්ත (Best Food Destinations) ලැයිස්තුවේ 13 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ සමත් වී තිබෙනවා.










