අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (19) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,504ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදීයි මෙම සැකකරුවන් ප්‍රමාණය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලීසිය ප්‍රකාශ කළේ එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 16ක් හඳුනාගත් බවත්, විවෘත වරෙන්තුකරුවන් 282ක්ද අත්අඩංගුවට ගත් බවයි.
තවද මෙම සෝදිසි මෙහෙයුමේදී විවෘත වරෙන්තුකරුවන් 177ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 427ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 6 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,384කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම වාර්තාවේ සඳහන්.










