රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22) දහවල් 2කට අවසන් කර තිබෙනවා.
අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙසත්, එම තනතුර සඳහා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු පත් කරන ලෙසත් ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබුණේ.
ඒ අනුව එම චෝදනාවන්ට ලක්වූ එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස වර්ජනය අවසන් කර තිබෙනවා.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මේ වනවිට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීමට ආරම්භ කරමින් පවතින බවයි.










