උණුසුම් පුවත්

‍සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනයක්?

‍සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම පවතින නීතිය යටතේ සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත්, ඒවා සම්පාදනය කිරීමෙන් මෙවැනි තත්ත්වය පාලනය කළ හැකි බවයි නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Shares: