කාළගුණය

ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සුළං ඊසාන සිට උතුර දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බවයි.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකියි.

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය, හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනවා.

මේ අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (23) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Shares: