දේශීය

කෝටියක දේපල කොල්ල කෑ කාන්තාවක් ඇතුළු 06ක් අල්ලයි

නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් එක් කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමින් යුතු දේපල කොල්ලකෑමේ සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 18 වැනිදායි මෙම කොල්ලය සිදුව තිබුණේ.

එහිදී කොල්ල කන ලද රන් මාලයක් සමග 40 හැවිරිදි පුද්ගලයෙකු නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (22) පස්වරුවේයි.

ඉන් අනතුරුවයි කාන්තාව ඇතුළු ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 62ක් පමණ වටිනාකමින් යුත් අත් ඔරලෝසු 03ක්, ලක්ෂ 20ක් පමණ වටිනා සුදු රත්‍රං කරාඹු ජෝඩුවක්, දියමන්ති මාලයක්, සුවඳ විලවුන් බෝතල් 02ක් සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර පොලිසිය සඳහන් කළේ සොරකම් කරන ලද භාණ්ඩවලින් කොටසක් ද රැගෙන ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

Shares: