හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.
අද(23) පෙරවරුවේ මහනුවර සංචාරයකට එක්වූ හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක තිබෙනවා.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වන්නේ.











