උණුසුම් පුවත්

වෛද්‍ය වර්ජනය ඉදිරි පැය 24 දක්වාත්..

 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (23) දින ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඉදිරි පැය 24 දක්වාද ක්‍රියාත්මක බව එම සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජය තෙන්නකෝන් මහතා පැවසුවේ, ඒ අනුව මෙම වැඩවර්ජනය ප්‍රධාන රෝහල්, උප ප්‍රධාන රෝහල් ඇතුලු සියලුම රෝහල්වල ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

කෙසේ නමුත්, මානුෂීය පදනම මත ළමා රෝහල්, මාතෘ රෝග, පිළිකා සහ වකුගඩු සම්බන්ධ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ හදිසි ප්‍රතිකාර සේවාද කිසිදු අඩාල වීමකින් තොරව පවත්වාගෙන යාමටද කටයුතු කර ඇති බවයි.

එමෙන්ම මෙම වැඩවර්ජනය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොවන බවත්, පෙන්වාදුන් විශේෂඥ වෛද්‍යවරයා වෛද්‍යවරුන්ට මතුව ඇති මෙම ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදීම රජය සමග සාකච්ඡා කළ බවත් ඇතැම් අවස්ථාවල මෙම සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබා නොදීමටද රජය විසින් කටයුතු කළ බවත් සඳහන් කළා.

Shares: