උණුසුම් පුවත්දේශීය

අද පැවැත්වීමට තිබූ වෛද්‍ය වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව, අද දින (25) පෙව 08.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අතර ඊයේ රාත්‍රියේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවෙන් පසුවයි.

එහිදී අද දින ආරම්භ වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පාදක වූ ස්ථාන මාරු ක්‍රියාවලියේ අක්‍රමිකතා නිවැරදි කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම්වලට විසඳුම් සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා විසින් ලිඛිතව ලබාදුන් අතර, ඒවා එකඟ වූ පරිදි ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබෙනවා. .

Shares: