කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (25) අලුයමදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවයි එම කාර්යාංශ නිලධාරීන් සඳහන් කළේ.
සැකකරු අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට මෙරටට පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ පාර්සල් 8ක අසුරා මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති අතර ඒ තුළ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක ප්‍රමාණයක්.
එම කාර්යාංශ නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය රුපියල් අට කෝටි විසි දෙලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුක්ත වන බවයි.
අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.











