උණුසුම් පුවත්

වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ වාන් දමයි – අවට ජනතාව අවධානයෙන්

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ අවට පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිවත්ව සිටින ලෙසයි එම අධිකාරිය දැනුම් දෙන්නේ.

එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතිනු ඇති.

එසේම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින් එම ජලාශද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බවයි මහවැලි අධිකාරිය එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ

Shares: