මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ මූලික රෝග පරීක්ෂණ රැසක් එකම උපකරණයකින් සිදුකළ හැකි උපකරණයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
දිවයින පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ නියමු වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දිවයින පුරා දිස්ත්‍රික්ක 21දී සිදු කෙරුණා.
කළුතර දිස්ත්‍රික්කයේ තණන්විල සහ හීනටියන්ගලහී පැවති එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන ඉවහල් වන බවත්, රට පුරා දිස්ත්‍රික්ක 21ක මෙවැනි මධ්‍යස්ථාන 42ක් ආරම්භ වීමත් සමග මේ වන විට ආරම්භ වූ මධ්‍යස්ථාන ගණන 47ක් වන බවයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය අද වන විට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දුන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්ථාපිත ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන සඳහා රටේ ජනගහනයෙන් 247,251ක ජනතාවක් සම්බන්ධ කරගැනීමට කටයුතු සිදුවන බවයි පැවසුවේ.
බෝ නොවන රෝග වාර්තා වීම් ඉහළ අගයක් ගන්නා බවත්, රෝගීන් රෝහල්වලට වාර්තා වන විට ප්‍රතිකාර කළ යුතු මට්ටම අභිබවා ගොස් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නවීන මිල අධික උපකරණ හා ඖෂධ ලබා දීමට සිදුවන බවත්, එවැනි මිල අධික උපකරණ මිලදී ගත්තද බෝ නොවන රෝග හේතුවෙන් 80% – 85%ක ප්‍රමාණයකට ජීවිත අහිමි වන බවයි අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ.
ඒ අනුව ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන සඳහා මූලික රෝග ප්‍රතිකාර රැසක් එකම උපකරණයකින් සිදුකළ හැකි උපකරණයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.











