උණුසුම් පුවත්

ගිනිඅවියක් සමග අයෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අවිය ඔහු විසින් වෙනත් පාර්ශ්වයකට විකිණීමට සූදානම්ව සිට ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Shares: