වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි අදාළ ස්ථාන මාරු කිරීම් සිදු කර ඇත්තේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු මෙලෙස ස්ථානමාරු කිරීම් සිදුකර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරුන්…
නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා ගාල්ල දිසාව සිට බඳවාගැනීම් සහ පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි පත් කර ඇත්තේ.
නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර යවා තිබෙනවා.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්..
ගම්පොළ කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතා මොණරාගල කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයටත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට විශේෂිත ගුවන්තොටුපොළ කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලෙසයි මාරුකර යවා ඇත්තේ.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පොලිස් මූලස්ථානයේ අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතා මොණරාගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් මාරුකර යවා තිබෙනවා.
පොලිස් අධිකාරී..
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ මහනුවර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසයට මාරුකර යවා ඇති බවයි.











