මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩු වනු ඇති.
ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවය ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.










