සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් වුණා .
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිවුණා.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ පවන් රත්නායක පන්දු 22කින් ලකුණු 40ක් රැස්කළා.
ඊට අමතරව පැතුම් නිස්සංක (34), කමිල් මිශාර (36), කුසල් මෙන්ඩිස් (32) ප්‍රහාරාත්මක ඉනිම ගොඩනගමින් දක්ෂතා දැක්වූවා.










