දේශීය

මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි 5ක් රෝහලට

අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී අද (01) අලුයම 5ට පමණ සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තිරප්පනේ පොලීසිය සඳහන් කළේ මොටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි.

අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් හා කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටි ඇති බව සඳහන්.

Shares: