උණුසුම් පුවත්

ග්‍රෙගරි වැවේ තිබී බිළිඳියකගේ මළ සිරුරක්…

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පවසනවා.

ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරු අනුව මෙම සිරුර සොයාගෙන තිබෙනවා.

 

ජලාශයේ තිබි සොයාගත් අලුත උපන් බිලිදියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බව පොලිසිය සඳහන් කළේ.

ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Shares: